නිවස කොල්ලකන්න ආ පිරිසගේ පහරදීමෙන් නිවෙස්හිමියා මරුට

මුලතිව් සියඹලාවත්ත ප්‍රදේශයේදී නිවසක් තුළ ඊයේ (28) පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් බව සඳහන් වේ.
ඔහු තම නිවසේ නිදාගෙන සිටි අවස්ථාවේ අලුයම් කාලයේ දී පුද්ගලයන් කිහිප දෙනෙක් නිවසට ඇතුළු වී නිවැසියන්ට පහර දී රන් පවුම් 12 ක පමණ රන් භාණ්ඩ හා රුපියල් පනස් දහසක මුදලක් කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටී.
එම අවස්ථාවේදී මියගිය පුද්ගලයා, ඔහුගේ බිරිඳ සහ ඥාති පුද්ගලයෙකු නිවසේ රැඳී සිට ඇති අතර, මංකොල්ලකරුවන්ගේ පහරදීම් නිසා පුද්ගලයා එම අවස්ථාවේදීම මියගොස් ඇති බව සඳහන් වේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුලතිවු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.
321 Views
Comments