සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් බේරා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් බේරා ගැනේ

සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් බේරා ගැනේ

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් මුදාගත් දෙවන කණ්ඩායම සෞදි අරාබියේ ජෙඩාහි පිහිටි කිංග් ෆයිසාල් නාවික කඳවුර වෙත රැගෙනවිත් ඇති බවත්, මෙම පිරිසට ශ්‍රී ලාංකිකයින්  06 දෙනෙකු ඇතුළත් බවත් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

 

ජෙඩාහි ශ්‍රී ලංකා වැඩ බලන කොන්සල් ජනරල් විසින් මෙම පිරිස භාරගෙන ඇති අතර සුඩානයේ හටගත් ගැටුම් හේතුවෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු පසුගියදා ජෙඩා වෙත රැගෙන විත් තිබුණි.

 

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පවසන්නේ සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලංකිකයින් ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි සෞදි අරාබි රජය සහාය දක්වන බවය.

 

සුඩානයේ රැඳී සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට අවශ්‍ය සහය ලබාගැනීම සඳහා පෝට් සුඩාන් නගරයේ අල්රවුඩා හෝටලයේ තාවකාලිකව ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගතහැකි බව එම තනාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී.

views

281 Views

Comments

arrow-up