තොරණ් නිර්මාණ කලාවත් කොට උඩ

වියදම ඉහළ යාම හේතුවෙන් තවදුරටත් කලාවක් ලෙස තොරණ නිර්මාණය කිරීම දැඩි අර්බුදයකට පත්ව ඇතැයි ප්‍රවීණ තොරණ නිර්මාණකරුවන් ප්‍රකාශ කර සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ වසරක් වැනි කාලයක් තුළ තොරණක චිත්‍ර ඇඳීමට පමණක් භාවිත කරන අමුද්‍රව්‍ය මිල සිව්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත්, බොහෝවිට මේ වන විට තොරණක නිෂ්පාදන මිල රුපියල් ලක්ෂ 50 කට ආසන්න වන බවත් ය. මෙවර මෙරට විශාලතම තොරණ ඉදිකර ඇත්තේ පානදුර ප්‍රදේශයේ වන අතර එහි උස අඩි 62 ක් සහ පළල අඩි 57 ක් වෙයි. මෙම තොරණේ විදුලි බුබුළු ප්‍රමාණය 85,000 ක් සහ එයට පුවක් කොට 258 ක් යොදාගෙන තිබෙන බව ඔවුන් සඳහන් කරයි.
කිසිදු රජයකින් කළාකරුවන් ලෙස තම කර්මාන්තයේ නියැලෙන්නන්නට කිසිදු සහනයක් නොලැබීම හේතුවෙන් මේ වන විට තොරණ නිර්මාණකරුවන් රට තුළ සිටින්නේ සියයකට ආසන්න පිරිසක් පමණක් බවද ඔවුන් සඳහන් කළේය.
379 Views
Comments