සමෘද්ධි ප්‍රතිලාභ බෙදීමේ බරපතල අක්‍රමිකතාවක්

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් වලින් 33% ආසන්න පවුල් සංඛ්‍යාවකට ප්‍රතිලාභ හිමි නොවිය යුතු බව කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබෙන බව වාර්තා වේ.
2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හඳුනාගෙන ඇති අතර ඒ අනුව පවුල් හාර ලක්ෂ හතළිස් නවදහස් නවසිය හැත්තෑ නමයකට සමෘද්ධි සහනාධාරය ඉවත් කළ යුතු බවට නිර්දේශ වී තිබේ.
ජාතික විගණන කාර්යාලය නිලධාරීන් කෝප් කමිටුවේ දී අනාවරණය කළේ මෙම සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේදී අවිධිමත් බවක් නිරීක්ෂණය වන බවයි.
මෙම කරුණු හෙළි වී ඇත්තේ ගෙවුණු වර්ෂ තුනකට අදාළව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා වල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්ය සාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.
මේ අතර ප්‍රජා මූල්‍ය බැංකු වෙත මාසිකව ප්‍රේෂණය කරනු ලබන මුදල් සමෘද්ධිලාභීන් විසින් ලබා නොගෙන ගිණුම් වල රඳවා තිබූ බව නියැදි පරීක්ෂණවලින් හෙළි වී ඇති බව සඳහන් වේ.
ඒ අනුව ප්‍රජා මූල්‍ය බැංකු 10 ක සමෘද්ධිලාභීන් 2,433 දෙනෙකුගෙන් ඉතිරිකිරීම් ගිණුම් වල කෝටි 5 කට අධික මුදලක් රඳවා ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ.
256 Views
Comments