SLT-MOBITEL වෙතින් රෝහල්වලට රු.මිලියන 8ක බෙහෙත්

SLT-MOBITEL වෙතින් මෙවර වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා රෝහල්වලට රු. මිලියන 8 කට වැඩි වටිනාකමකින් යුත් ඖෂධ පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.
eChannelling සේවාව ද මෙම වැඩසටහන පුරාවට බෙදාහැරීමට සහ අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සැපයීමෙන් සිය දායකත්වය ලබාදී තිබේ.
මෙහි පළමු ඖෂධ තොගය රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාවට SLT-MOBITEL සමූහ සභාපති, රොහාන් ප්‍රනාන්දු, SLT සාමාන්‍යාධිකාරී අනුරුද්ධ සූරියාරච්චි, රත්නපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය අනෝජ රුද්‍රිගූ, රත්නපුර ශික්ෂණ රෝහල් සහය අධ්‍යක්ෂ දයා ශ්‍රියානි රණසිංහ ඇතුළු SLT-MOBITEL නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පිරිසක් සහභාගි විය.
272 Views
Comments