ලංකාවට පොහොර ගන්න රුසියාවෙන් සහාය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩපිළිවෙලල ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති H.E. Levan Dzhagarayan මහතා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීහු මෙන්ම පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරු ද මෙම අවස්ථාවට සහභාගී විය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර සැපයීමේ වැඩපිළිවෙල දෙරට අතර කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද මෙහිදී රුසියානු තානාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම මෙම කටයුතු ලබන මහ කන්නය ආරම්භයට පෙර අවසන් කිරීමටත්, ලබන මහ කන්නයේ දී යුරියා හා MOP පොහොර ගොවීන්ට ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම ඉලක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
323 Views
Comments