කල්ඉකුත් වූ සිසිල්බීම තොගයක් යාපනේ ගබඩාවකින් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

කල්ඉකුත් වූ සිසිල්බීම තොගයක් යාපනේ ගබඩාවකින් අල්ලයි

කල්ඉකුත් වූ සිසිල්බීම තොගයක් යාපනේ ගබඩාවකින් අල්ලයි

කල්ඉකුත් වූ සිසිල් බීම බෝතල් වල දිනය වෙනස් කර නව දිනයන් යටතේ වෙළෙඳපොළට නිකුත් කොට තිබූ සිසිල් පැන් බෝතල් 1800 ක් යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම ක්‍රියාව සිදුකොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බීම බෝතල් වර්ග ගබඩා කෙරෙන යාපනයේ පිහිටි තොග ගබඩාවකදීය.

 

බීම බෝතලයක් තුළ අසාමාන්‍ය යමක් තිබෙන දුටු පාරිභෝගිකයෙකු ඒ පිළිබඳ යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් සිදුකළ පරීක්ෂාවකදී මෙම බීම බෝතල් තොගය හමු වී ඇති බව සඳහන් වේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යාපනය තොග ගබඩා හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.

 

views

311 Views

Comments

arrow-up