APR
22
සැරින් සැරේ වෙනස් කරන ආණ්ඩුවේ රිලා කතාව

මෙරට රිලවුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඉල්ලා ඇත්තේ, චීනයේ සත්ව අභිජනන සමාගමකින් යැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටී.
මෙය තවමත් යෝජනා මට්ටමේ පවතින ඉල්ලීමක් බවට ඔහු වැඩිදුරටත් කියා සිටින අතර, මේ පිළිබඳව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගැනීමට පෙර ජනතාව, පරිසරවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු පාර්ශ්ව කිහිපයක අදහස් ලබා ගැනීමට කටයුතු කෙරෙන බවත් කියා සිටී.
302 Views
Comments