බොල්ගොඩ ගඟේ පාවී ගිය අබිරහස් මළසිරුර

පිළියන්දල, හල්පිට ප්‍රදේශයේ හෝටලයක් පිටුපස බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (15) පස්වරුවේ පොලිසිය විසින් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.
බොල්ගොඩ ගඟේ මාළු ඇල්ලීමේ නිරතව සිටි පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන් වෙයි.
මියගිය පුද්ගලයා හඳුනාගැනීම සඳහා ඔහු හැඳ සිටි කලිසමේ සාක්කුවේ තිබූ ජංගම දුරකතනය ඔස්සේ විමර්ශන සිදුකරන බව පිළියන්දල පොලිසිය සඳහන් කර සිටී.
මෙම පුද්ගලයාගේ සිරුර මේ වන විට හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
352 Views
Comments