අසරණ පවුල් වෙනුවෙන් ආධාර ඉල්ලමින් වේයන්ගොඩ පුරා ඇවිදින මේ හිමිනම ඔබේ ගෙදරටත් ආවාද?

අසරණ පවුල්වලට පිහිටවීමට යැයි පවසා වංචනිකව මුදල් උපයන වේයන්ගොඩ ප්‍රදේශයේ හිමි නමක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.
උදාවන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අසරණ පවුල්වලට රුපියල් පහළොස් දාහක් වටිනා ආහාර මලු බෙදා දීමට යැයි පවසමින් වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් විසින් එම විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේද දැනුවත්ව මෙම කටයුත්ත සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වන අතර, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නිලතල දරන ස්වාමීන් වහන්සේලා මෙම වංචනික ක්‍රියාව පිළිබඳ තොරතුරු හෙළිකොට තිබෙන බවද වාර්තා වේ.
බොහෝ පින් සිදු වන සමාජ සත්කාරයක් බව සඳහන් අත් පත්‍රිකා බෙදාහරිමින් මෙම ස්වාමීන් වහන්සේ විසින්, තවත් ස්වාමීන් වහන්සේ නමක් සමග බස්නාහිර පළාතේ සැරිසරමින් මෙසේ මුදල් රැස් කරන බව පැවසෙන අතර, එම ස්වාමීන් වහන්සේගේ පෞද්ගලික ගිණුම් අංකයක් අත්පත්‍රිකාවල යොදා ඇති බවද, එම ගිණුම් අංකයට මුදල් බැර කරන ලෙස ඉල්ලීමක් කොට තිබෙන බවද වාර්තා වී තිබේ.
මෙම ස්වාමීන් වහන්සේ විසින් බෙදා හරින ලද අත් පත්‍රිකාව පහතින් දැක්වේ.
432 Views
Comments