බදුල්ලේ බිග් මැච් එකක් අතරතුර රිය අනතුරකින් මරණ දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

බදුල්ලේ බිග් මැච් එකක් අතරතුර රිය අනතුරකින් මරණ දෙකක්

බදුල්ලේ බිග් මැච් එකක් අතරතුර රිය අනතුරකින් මරණ දෙකක්

පාසල් ක්‍රිකට් තරගයක් වෙනුවෙන් පෙළපාලියක ගිය රථයක් පෙරලී සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

බදුල්ල ධර්මදූත විදුහල සහ ඌව විද්‍යාලය අතර පාඨශාලාන්තර ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙමින් තිබූ බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද (01) දහවල් මෙම අනතුර සිදුවී තිබේ.

 

සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

 

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සිසුන් දෙදෙනකු බව සඳහන් වේ.

views

271 Views

Comments

arrow-up