ඛණිජ තෙල් සේවකයින්ට ලැබුණු අද්භූත බෝනස් මුදල කුමක්ද?

මේ වන විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.63 ක්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.15 ක්ද, ඩීසල් ලීටයකින් ශත 4 ක්ද, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 2.26 ක්ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66 ක්ද වශයෙන් ලාභ ලබන ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය සේවකයන්ට මෙවර අවුරුදු සැමරීම සඳහා රුපියල් 30,000 ක මුදලක් ලබා දී තිබෙන බව වාර්තා වේ.
පුදුම සහගත කරුණ වන්නේ මෙම මුදල ලැබුණේ කෙසේදැයි යන්න පිළිබඳ ඛනිජ තෙල් සේවකයන් නොදන්නා අතර, මෙය උත්සව අත්තිකාරමක් ලෙස ලබා දුන්නේද එසේ නැතහොත් අලුත් අවුරුදු ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන්වත් ඔවුන් මේ වනතෙක් දැනුවත් කොට නොමැති වීමයි.
මීට පෙර උත්සව අත්තිකාරම් ලෙස මුදල් ලබා දෙන විට සේවකයින්ගෙන් අයදුම් පත්‍රයක් පුරවා ගන්නා නමුත්, මෙවර එසේ නොකර කිසිදු විමසීමකින් තොරව සිය ගිණුම්වලට මුදල් බැර කර ඇති බව එහි සේවකයින් කියා සිටින අතර, මෙම අද්භූත බෝනස් මුදල සංස්ථාවේ සහ කොළොන්නාව තොග නිමාවේ සේවකයන් හාරදහස් දෙසීයකගේ ගිණුම්වලට බැර වී ඇති බවත්, මේ සඳහා රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වැය වී ඇති බවත් සංස්ථා ආරංචි මාර්ග ප්‍රකාශ කොට සිටී.
318 Views
Comments