සමෘද්ධි බැංකු සේවකයින් වෘත්තීය අයිතීන් දිනා ගැනීමට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

සමෘද්ධි බැංකු සේවකයින් වෘත්තීය අයිතීන් දිනා ගැනීමට සැරසේ

සමෘද්ධි බැංකු සේවකයින් වෘත්තීය අයිතීන් දිනා ගැනීමට සැරසේ

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින දිවයින පුරා සමෘද්ධි බැංකු 1074 ක් වෙනම පරිපාලනමය ව්‍යුහයක් යටතට පත් කිරීමට කටයුතු කරමින් පවතින බවත්, අනීතික ලෙස සමෘද්ධි අරමුදලේ අතිවිශාල මුදලක් ගැනීම තුළ සමෘද්ධිලාභීන්ට ඇතැම් ප්‍රතිලාභ ගෙවීමේදී ගැටළු ඇති වන බවත් සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ සංවිධායක චාමර මද්දුමකලුගේ මහතා සඳහන් කර සිටී.

 

වසර 28 කට ආසන්න කාලයක සිට සේවය කරන සියළු ක්ෂේත්‍රයන්හි සේවකයන් හට උසස්වීමක් ලබා දිය යුතු සේවක අයිතිවාසිකම්, ආණ්ඩුව ලබා නොදී මඟහරිමින් ඇති බවත්, මෙම ප්‍රශ්න විසඳා ගැනීමට සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සියළු තනතුරු නියෝජනය කරන වෘත්තීය සංගම් 11 ක් සම්බන්ධ වී සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුව පිහිටුවා ගත් බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

views

275 Views

Comments

arrow-up