MAR
25
ජනපති ජන්ම දිනය සමරමින් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වැඩසටහනක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙන ජනාධිපති මාධ්‍ය අංශය විසින් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ සිටින ආබාධිත රණවිරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.
එහි සිටින පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති රණවිරුවන් සඳහා සංග්‍රහයක් සහ ත්‍යාග පිරිනැමීමක්ද සිදු කොට ඇත.
එහිදී එක් රණවිරුවෙකුගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා හා දුරකථනය ඔස්සේ සම්බන්ධ වී උපන් දින සුභ පැතුම් එක්කිරීමට අවස්ථාව සලසා දී ඇති බව වාර්තා වේ.
273 Views
Comments