නැන්දම්මාට අමානුෂික ලෙස පහරදුන් මහනුවර ගුරුවරියට වැඩ වරදී

සිය නැන්දම්මාට පහර දුන් බව කියන ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මත ඊයේ දින පොලිස් භාරයට ගත් පුවතක් මහනුවරින් වාර්තා වේ. ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මෙම ගුරුවරිය 80 හැවිරිදි තම නැන්දම්මාට පහර දෙන බවට ප්‍රදේශවාසීන් පොලිසියේ 119 හදිසි ඇමතුම් අංශයට දන්වා ඇති අතර ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය සැකකාරියට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා දවුලගල පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඇත.
එහිදී එම මහලු කාන්තාවට පහර දීමට ගුරුවරිය පමණක් නොව ඇගේ මව සහ ඇගේ දියණියද සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වූ බව සඳහන් වේ. පිළිකා රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන ඇති ගුරුවරියගේ නැන්දම්මා අවස්ථා ගණනාවකදී පහර කෑමට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලිස් විමර්ශන වලින් අනතුරුව පොලිසිය විසින් ගුරුවරියට දැඩි ලෙස අවවාද කර ඇති අතර වින්දිතයාට දිගින් දිගටම අතවර කළහොත් ඇයට එරෙහිව නඩු පවරන බව දන්වා ඇත.
228 Views
Comments