හික්කඩුවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

හික්කඩුවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මිය යයි

හික්කඩුවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මිය යයි

හික්කඩුව දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හරස් මාර්ගයකදී දුම්රිය ක ගැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 

ඊයේ සවස අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

 

මියගොස් ඇත්තේ හික්කඩුව, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි කාන්තාවක් වන අතර තුවාල ලබා ඇති හතළිස් පස් හැවිරිදි කාන්තාව මිය ගිය කාන්තාවගේ සහෝදරියක් බව සඳහන් වේ.

 

මියගිය කාන්තාවගේ සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

views

214 Views

Comments

arrow-up