පයාගල ගෙවල් බින්ද දෙදෙනෙක් බඩුත් සමග දැලේ

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පයාගල ප්‍රදේශයේ නිවෙස් බිඳීම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පයාගල මයිටියවත්ත සහ ගබඩාගොඩ ප්‍රදේශයේ පදිංචි 23 සහ 19 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටී.
රෙදි සෝදන යන්ත්‍රයක්, අඟල් 55 රූපවාහිනී යන්ත්‍රයක්, ග්‍රිල් යන්ත්‍ර දෙකක්, විදුලි පංකා දෙකක්, ග්‍රයින්ඩර් දෙකක්, ඇලෝවීල් තුනක්, ගෑස් ලිපක්, පලංචි දෙකක්, ගෑස් සිලින්ඩරයක්, කායවර්ධන උපකරණ කට්ටලයක් මෙලෙස පොලිස් භාරයට ගත් භාණ්ඩ අතර වන බව සඳහන් වේ.
මෙම සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
223 Views
Comments