MAR
18
ගල්අඟුරු නැව් 03ක් දිවයිනට

ලංකා ගල් අගුරු සමාගමේ සභාපතිවරයා පවසා සිටින්නේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 බැගින් අඩංගු වූ නෞකා තුනක් පුත්තලමට පැමිණ ඇති බවයි.
මෙරටට පැමිණි 17, 18 සහ 19 වැනි ගල් අඟුරු නෞකා වන ඒවායේ ගොඩබෑම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, මෙම ගල් අගුරු විදුලි උත්පාදනය සඳහා බලාගාර වෙත මුදා හැරෙන බවත්, එමගින් අඛණ්ඩව විදුලිය සැපයීමට හැකියාව ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටී.
221 Views
Comments