ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව ජයශංකර් කියයි

නව දිල්ලියේ පැවති ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා රුධිරය ජලයට වඩා ඝන සේම දුෂ්කර කාල වලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වාභාවික බව ප්‍රකාශ කර තිබේ.
මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී මහත්මිය සහභාගි විය.
අර්බුදකාරී අවස්ථාවලදී ඉන්දියාව සිය අසල්වැසියා පළමුවෙන් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එම රටවල් සමග එක්ව සිටින බවත් , මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අභියෝගය ජය ගනු ඇතැයි සෑමවිටම විශ්වාස කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර සිටි.
226 Views
Comments