මාතලේ අධිකරණයේ නඩු භාණ්ඩ විකිණීමට තැත් කළ පිරිසක් දැලේ

මාතලේ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයකදී රුපියල් මිලියන 12කට ගජමුතු 05ක් චීන ජාතිකයෙකුට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් පස්දෙනකු සහ සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ සේවකයෙක්, නඩු භාණ්ඩ කාමරයේ සේවකයෙක් සහ රත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරන අතර එම ගජමුතු මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ බවට පොලිසිය සැක පළ කරයි.
255 Views
Comments