බැංගලෝරයේ ගුවන් තොටුපොලකදී ලාංකික මගීන් පිරිසකට අත්වැරැද්දක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

බැංගලෝරයේ ගුවන් තොටුපොලකදී ලාංකික මගීන් පිරිසකට අත්වැරැද්දක්

බැංගලෝරයේ ගුවන් තොටුපොලකදී ලාංකික මගීන් පිරිසකට අත්වැරැද්දක්

බැංගලෝරයේ Kempegowda ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු වූ ආරක්ෂක දෝෂයක් හේතුවෙන් සිකුරාදා (17) දින කොළඹ සිට පැමිණි මගීන් 30 දෙනෙකු වැරදීමකින් ජාත්‍යන්තර පැමිණීමේ දොරටුව වෙනුවට දේශීය පැමිණීමේ දොරටුව වෙත යොමු කොට ඇති බව වාර්තා වේ. 

 


සිදු වූ අත්වැරදීමෙන් මගීන් දැඩි අපහසුතාවකට ලක්ව ඇති අතර ගුවන් තොටුපොළේ පර්යන්ත මෙහෙයුම් කණ්ඩායම ඉක්මණින් එම වැරදීම පිළිබඳව CISF සහ ආගමන දෙපාර්තමේන්තුව දැනුවත් කොට ඇත. අනතුරුව මගීන් නැවතත් නිවැරදි දොරටුව වෙත යොමුකළ බවත් සිදු වූ ව්‍යාකූලත්වයට කණගාටුව ප්‍රකාශ කර ඒ තත්ත්වය නිවැරදි කිරීමට ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩලය පියවර ගත් බවත් බැංගලෝර් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. 

views

238 Views

Comments

arrow-up