මියගිය අයගේ හැඳුනුම්පත් වලට සිම් විකිණීම තහනම් කෙරේ

මියගිය පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම් දී තිබේ.
මියගිය පුද්ගලයින්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම මාසයකට වරක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ලබා ගන්නා බවත්, යම් පුද්ගලයෙකු මියගිය පසු අදාළ ජංගම දුරකථන අංකය විසන්ධි කරන ලෙසත්, ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකයට සිම්පත් නිකුත් කිරීම තහනම් බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා මහත්මිය ප්‍රකාශ කරයි.
256 Views
Comments