හෝමාගමදී ඇමති බන්දුලට හූවක්

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේ හූ හඬ නගා විරෝධතාවයක් දක්වා පලා ගිය පුද්ගලයෙකු සොයා ගොස් අත්අඩංගුවට ගත් පුවතක් හෝමාගම මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කරයි.
හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ආගමික උත්සවයකට බාධා කිරීම, ආගම ඇදහීමට ඇති අයිතියට අභියෝග කිරීම යන චෝදනා යටතේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
255 Views
Comments