නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලිය ගැන විශේෂ දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලිය ගැන විශේෂ දැනුම්දීමක්

නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලිය ගැන විශේෂ දැනුම්දීමක්

පොලිස්පතිවරයා පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහජන විශ්වාසය තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් යුතුව එම පත් කිරීම සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කර තිබේ. මූලික අයිතිවාසිකම් හෝ අපරාධ නඩු හෝ නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කිසිදු නිලධාරියෙකු පොලිස්පති කාර්යාලයට පත් නොකරන ලෙස එම සංගමය ඉල්ලා ඇති බව වාර්තා වේ. 

 

 

ශ්‍රී ලංකා පොලිසියේ එවැනි චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ගේ උසස්වීම් නිතිපතා අත්හිටුවන බවත් පොලිස්පතිවරයා පත්කිරීමේදී විධායකය විසින් එම ප්‍රමිතීන්ම හෝ උසස් ප්‍රමිතීන් අනුගමනය කළ යුතු බව BASL හි අදහසයි. තවද පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත කිරීමට පෙර 41B හෝ 41C වගන්ති යටතේ පත්වීම සඳහා නිර්දේශ කිරීම හෝ අනුමත කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි ව්‍යවස්ථා සභාව විසින් තීරණය කළ යුතු බව ද BASL එම ලිපිය මගින් දන්වා ඇත.

 

 

BASL හි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කර ඇති අතර මෙම ලිපියේ පිටපත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් වෙතද යවා ඇති බව වාර්තා වේ.

views

254 Views

Comments

arrow-up