දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8.7 වීදියගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

 

මාතර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පිටුපස වෛද්‍යවරයා පැදවූ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

 

කරාපිටිය රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලැබ සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටියදී වෛද්‍යවරයා මෙම අනතුරට ලක්වී ඇතැයි පොලිසිය සඳහන් කර සිටී.

 

අනතුර සම්බන්ධයෙන් වාර්තා වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලනිගම පොලිසියේ නිලධාරීන් සහ ගිනිනිවීමේ හා ජීවිත ගලවාගැනීමේ නිරත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් තුවාල ලබා සිටි වෛද්‍යවරයාට මූලික ප්‍රතිකාර ලබාදී ඇති අතර අදාල අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානී සිදුවී ඇත.

 

මෝටර් රථය පැදවූ වෛද්‍යවරයාට නින්ද යාම හේතුවෙන් එම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

views

261 Views

Comments

arrow-up