පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනය

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නව දුරකථන අංක කිහිපයක් මහජනතාව වෙත දැනුම් දී තිබේ.
බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ 13 වැනි මහලෙහි මේ වන විට පොලිස් මාධ්‍ය කොට්ඨාසයක් ස්ථාපිත කර ඇති බැවින් සියළුම මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු එම ස්ථානයෙන් සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙතෙක් මහජනතාව විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත ඇමතුමක් ලබාගත් දුරකථන අංක මේ වන විට ක්‍රියා විරහිත කර ඇති බවත්, පහත දැක්වෙන නව දුරකථන අංක වෙත අමතා පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ අනුව වන දුරකථන අංක ලෙස,
011 - 2887903
011 - 2887906
011 - 2887907 යන අංක හඳුන්වා දී බවත්, හන්ටින්ග් පහසුකම සහිතව නව දුරකථන අංක ලබා දී ඇති බවත්, මින් ඉදිරියට මෙම ස්ථානය MCC යන කෙටි නාමයෙන් හැඳින්වීමට කටයුතු කෙරෙන බවත් එම නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.
330 Views
Comments