ශ්‍රී ලංකා යුධ හමුදාව රෙශන් පැකට් මෙරටදී නිපදවීම අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ශ්‍රී ලංකා යුධ හමුදාව රෙශන් පැකට් මෙරටදී නිපදවීම අරඹයි

ශ්‍රී ලංකා යුධ හමුදාව රෙශන් පැකට් මෙරටදී නිපදවීම අරඹයි

සංග්‍රාමික මෙහෙයුම් වලදී යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් භාවිතා කරනු ලබන Meals Ready to Eat හෙවත් MRE ලෙස හඳුන්වන කලින් පිසූ ආහාර පැකට් ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට, යුධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකාය සමත් වී සිටී.

 

වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණ හා පශු සම්පත් අධ්‍යයන අංශයේ මගපෙන්වීමෙන් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම සහ පශු සම්පත් බලකාය විසින් පාලනය කෙරෙන කන්දකාඩු ගොවිපොළේදී ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.

 

මෙම ව්‍යාපෘතිය සඳහා ආහාර හා පෝෂණ තාක්ෂණවේදය පිළිබඳ උපාධිධාරීන් සෘජුවම යුධ හමුදාවට බඳවාගෙන ඇති බව සඳහන් වන අතර, යුධ හමුදාවේ ගොවිපලවල් තුළින්ම ලබාගන්නා සහල්, එළවලු සහ ධාන්‍ය අස්වනු යොදා ගනිමින් දිනකට ආහාර පැකට් 1750 - 2000  ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන බව ද වාර්තා වේ.

 

යුද්ධය පැවති සමයේදී මැලේසියාවෙන් ආනයනය කරනු ලැබූ මෙම ආහාර පැකට්, මෙරට නිෂ්පාදනය කිරීමේදී පැකට්ටුවක නිෂ්පාදන වියදම රුපියල් 1375 ක් වන අතර මෙමගින් මාසිකව රුපියල් මිලියන 153 ක් ඉතිරි කරගැනීමට හැකි වී ඇති බවට යුධ හමුදාව ප්‍රකාශ කොට සිටී.

 

ආපදා අවස්ථාවන් වලදී ද ප්‍රයෝජනයට ගත හැකි ආර්ථික වශයෙන් අතිශයින් ලාභදායී ව්‍යපෘතියක් වන මෙම නිෂ්පාදනය පුළුල් කර විදේශ හමුදාවන්ට ද ලබාදීම ශ්‍රී ලංකා යුධ හමුදාවේ අපේක්ෂාව වන අතර, වනජීවී ඡායාරූප ශිල්පීන්, කඳවුරු බිම්වල ගත කරන සංචාරකයන්, බාල දක්ෂ කණ්ඩායම්, ආපදා සහන කණ්ඩායම් සහ ධීවර හා පතල් කර්මාන්තකරුවන් ඇතුළු විවිධ කණ්ඩායම් අතර ද මෙම නිෂ්පාදනය ප්‍රචලිත කළ හැකි බව ශ්‍රී ලංකා යුධ හමුදාවේ අදහසයි.

views

324 Views

Comments

arrow-up