ලංකාව තවත් අඩි තුනක් ප්‍රපාතයට ගිය බව දුමින්ද නාගමුව කියයි

ඩොලර් බිලියන 53 ක් විදේශයන්ට ණය වී අඩි 53 ක ප්‍රපාතයක සිර වී සිටි ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් බිලියන 03 ක් ණය ලබා ගනිමින් තවත් අඩි තුනක් ණය උගුලේ ප්‍රපාතයට වැටුණු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටී.
ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ලම ධනවත් පැළැන්තියේ අවශ්‍යතාවය උදෙසා සැකසූ ඒවා බවත්, ඒවා එම පැළැන්තියේ ආර්ථික දේශපාලන කොන්දේසි මිස දිළිඳු රටවල් ගොඩගැනීම් සඳහා නිර්මාණය කළ ඒවා නොවන බවත් පවසා සිටින ඒ මහතා, ශ්‍රී ලංකාවේ පැවතියේ ආර්ථික අර්බුදයක් නොව ආර්ථික මංකොල්ලයක් බවත්, එම ආර්ථික මංකොල්ලයට ආර්ථික අර්බුදය ලෙස නම් තබා, ඊට කිසිම සම්බන්ධයක් නැති අහිංසක ජනතාවට එම මංකොල්ලයේ පාඩුව ගෙවීමට නියම කර ඇති බවත් තවදුරටත් කියා සිටී.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළකොට සිටියේය.
259 Views
Comments