සී. ඩී. ට තුන් මසක දිගුවක් - ඉන්පසු පුටුවට දේශබන්දු

අද (25) දිනයේ දී සේවය අවසන්වීමට නියමිතව සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
එම කාලසීමාවෙන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පැවති අතර, එම අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලද බව පැවසේ.
274 Views
Comments