මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු චොකලට් හලාවතින් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු චොකලට් හලාවතින් අල්ලයි

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු චොකලට් හලාවතින් අල්ලයි

විදෙස් රටවලින් හොර රහසේ මෙරටට ගෙන්වා කල්ඉකුත්වීමේ දිනයන් සහ නිෂ්පාදිත දිනයන් ආදී වැදගත් තොරතුරු කිසිවක් සඳහන් නොකොට විකිණීමට තබා තිබූ චොකලට් තොගයක් හලාවත නගරයේ වෙළෙඳසැල් 3 කින් හමු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කරයි.

 

මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පසුගියදා ආරම්භ කරන ලද අතර, එහි පළමු පියවර ලෙස හලාවත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කරන ලද බව සඳහන් වේ.

 

මෙම වෙළෙඳසැල් වලට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කරන බවද වාර්තා වන අතර, විදෙස් රටවලින් ගෙන්වා  අලෙවි කරන ප්‍රමිතියෙන් තොර චොකලට් සහ රසකැවිලි සොයා දිවයින පුරා මෙහෙයුම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටී.
 

views

271 Views

Comments

arrow-up