තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි දැනුම නංවන්න DFCC වෙතින් "සැමට ඉංග්‍රීසි" මෙවරත්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි දැනුම නංවන්න DFCC වෙතින් "සැමට ඉංග්‍රීසි" මෙවරත්

තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි දැනුම නංවන්න DFCC වෙතින් "සැමට ඉංග්‍රීසි" මෙවරත්

DFCC බැංකුව විසින් රටේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර කිහිපයකට පෙර ආරම්භ කරන ලද දීපව්‍යාප්ත ප්‍රජා සත්කාර වැඩසටහනක් වන සැමට ඉංග්‍රීසි වැඩසටහන අඛණ්ඩව 5 වන වරටත් ක්‍රියාත්මක කර තිබේ.

 

ප්‍රධාන අංශ 6 ක් යටතේ DFCC බැංකුවේ මෙම ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, සැමට ඉංග්‍රීසි යනු ඒ අතරින් අධ්‍යාපන අංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක් බව සඳහන් වේ.

 

මෙම වසරේදී මේ වැඩසටහන යටතේ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන් පිරිසකට ඉංග්‍රීසි භාෂා හා කුසලතා සංවර්ධනය කරගැනීමේ අවස්ථාව හිමි වූ බව එම බැංකුව කියා සිටී.
 

views

309 Views

Comments

arrow-up