සිංගර් සමාගමෙන් දැන් පහසු මිලට උසස් තත්වයේ ජංගම දුරකථන
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

සිංගර් සමාගමෙන් දැන් පහසු මිලට උසස් තත්වයේ ජංගම දුරකථන

සිංගර් සමාගමෙන් දැන් පහසු මිලට උසස් තත්වයේ ජංගම දුරකථන

ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග ක්ෂේත්‍රයේ ජනප්‍රියතම සන්නාමයක් වන සිංගර් සමාගම ලෝක ප්‍රකට Honor නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ බලය ලත් එකම නියෝජිතයා බවට පත්ව තිබේ.

 

මේ අනුව Honor සන්නාමය යටතේ නිකුත් කෙරෙන උසස් තත්ත්වයේ Honor X Series ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංග තරගකාරී මිල ගණන් යටතේ දැන් ඔබට සිංගර් අලෙවි ප්‍රදර්ශනාගාර වලින් මිලදී ගත හැකිය.

 

දැරිය හැකි මිලට ලබා ගත හැකි, අති නවීන විශේෂාංග සහිත Honor ස්මාර්ට් ජංගම දුරකථන මගින් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට අද්විතීය ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව පවතින බවට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා කියා සිටී.
 

views

361 Views

Comments

arrow-up