පානදුර වෙරළේදී ගසාගෙන ගිය පුද්ගලයා රෝහලේදී මිය යයි

අලුත් අවුරුද්ද වෙනුවෙන් පානදුර වෙරළට පැමිණ රළ පහරට හසුව ගසාගෙන යමින් සිටියදී පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගත් පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) රාත්‍රී මිය ගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි ආනන්ද ප්‍රනාන්දු නැමැති පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් බව පොලීසිය ප්‍රකාශ කර සිටී.
පානදුර සංචාරක හෝටලයක් ඉදිරිපිටදී (13) වන දා පුද්ගලයෙකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටින බවට ලද තොරතුරක් මත ජීවිත ආරක්ෂක ඒකකය ඔහු බේරා ගෙන, දැඩි ලෙස වතුර පෙවී සිටි බැවින් මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට යොමු කර තිබේ.
ඔහුගේ තත්ත්වය බරපතල බැවින් දැඩිසත්කාර ඒකකයට යොමු කර සිටි බවත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු ඊයේ රාත්‍රියේ මියගිය බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
305 Views
Comments