මැතිවරණය දැන් විහිළුවක් වී ඇතැයි මැතිවරණ කොමසාරිස් කියයි

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සෙසු පහසුකම් සියල්ල සම්පූර්ණ වන තෙක් නැවත මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් නොකෙරෙණු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කියා සිටී.
මැතිවරණ දින ප්‍රකාශයට පත් කරමින් දිගින් දිගටම ඒවා කල් දැමීම හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් බවට පත් වී ඇති බවද පෙන්වා දෙන ඒ මහතා, මැතිවරණය පැවැත්වීමට අදාල සෑම බලධාරියෙකු සමගම දැනට සාකච්ඡා කර ඇති බවත් දැන් සාකච්ඡා කිරීමට කිසිවෙකු ඉතිරිව නැති බවත් කියා සිටී.
මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම හැර සෙසු කටයුතු සඳහා මුදල් වෙන් නොකිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බැවින්, තවදුරටත් මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ කතා කිරීම තේරුමක් නිශ්ඵල කරුණක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
291 Views
Comments