බීමත් පියාගෙන් අම්මා බේරාගන්න ගිහින් පුතා අතින් තාත්තා මරු දකී

බීමතින් පැමිණ මවට පහර දීමට උත්සාහ කළ පියාට පුතු විසින් බෝතල් කටුවකින් කළ පහරදීමකින් පියා ජීවිතක්ෂයට පත්වූ පුවතක් බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන් වේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ඊයේ (14) පස්වරු 7.00 ට පමණ බීමතින් පැමිණ බිරිඳට උදැල්ලකින් පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී පුතා විසින් එම උදලු පහර වළක්වා බෝතලයක් කඩා පියාට ඇණ ඇති බව අනාවරණය වී ඇත.
එහිදී තුවාල ලැබූ එම පුද්ගලයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරු කටයුතු කර තිබේ.
අනතුරුව එම පුද්ගලයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද (15) මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර සිටී. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කහටරුප්ප පොලිසිය විසින් සිදු කෙරේ.
363 Views
Comments