2023 අප්‍රේල් 09 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

2023 අප්‍රේල් 09 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 අප්‍රේල් 09 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

 

අද දින (09) දහවල් 12.12 ට මාදම්පේ, කොහිලපොකුණ, කයිකාවල, නිළඹේ සහ ඔන්දච්චිමඩම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.  

 

 

 

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

සුළං නැගෙනහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                         
නගරය උෂ්ණත්වය (සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 34 24 90 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 33 26 85 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 32 24 95 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ගාල්ල 31 25 90 70 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 35 24 90 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 32 21 90 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
නුවරඑළිය 22 13 95 55 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
රත්නපුරය 35 23 95 50 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 33 26 75 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 35 26 80 55 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි 
views

272 Views

Comments

arrow-up