APR
02
මාර්ගය දෙපස වෙළෙඳාම් කරන අයට විරෝධයක්

මාර්ග දෙපස වෙළෙඳාම් කටයුතු සිදු කිරීමට රජය මගින් අවසර ලබාදීමෙන් ආර්ථික මධ්‍යස්ථාන වලට දැඩි බලපෑමක් එල්ල වන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසා ඇත.
මැනිං වෙළෙඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකම ව්‍යාපාර කටයුතු අසීරුතා මධ්‍යයේ සිදු කෙරෙන බවත් මග දෙපස වෙළෙඳාම් වලට ඉඩ දීමෙන් රජය මේ මොහොතේ අනවශ්‍ය තීරණයක් ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
253 Views
Comments