MAR
26
පෞද්ගලීකරණයට එරෙහිව ඛණිජ තෙල් සේවකයින්ගෙන් ප්‍රකාශයක්

පාඩු ලබන තත්වයේ පැවති ලංකා ඛනිජ තෙල් සංස්ථාව අසීමිත බරක් ජනතාව මත පටවා අද වන විට ලාභ ලබන තත්වයට ගෙන ඇති බවත්, දැන් එය පෞද්ගලීකරණය කරන මුවාවෙන් තම හිතවත් සමාගම් වලට විකුණා මහා මංකොල්ලයක් කිරීමට අමාත්‍යවරයා උත්සාහ දරන බවත්, ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි.
තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට විරුද්ධව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බව ද මේ පිළිබඳ අදහස් දක්වමින් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා කියා සිටී.
271 Views
Comments