සීදූවේ රිය අනතුරකින් පිය පුතු දෙපළක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

සීදූවේ රිය අනතුරකින් පිය පුතු දෙපළක් මිය යයි

සීදූවේ රිය අනතුරකින් පිය පුතු දෙපළක් මිය යයි

ඊයෙ රාත්‍රියේ සීදූව කොටුගොඩ මාර්ගයේ පඤ්ඤානන්ද විද්‍යාලය ආසන්නයේදී සීදූව දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි පා පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු සහ ඔහුගේ කුඩා දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

බරපතල තුවාල ලැබූ පිය පුතු දෙදෙනා සීදූව විජය කුමාරතුංග රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ. සීදූව රද්දොලුව ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා වයස අවුරුදු 45 සහ 14 වයස් වල පසුවන්නන් බව ද අනාවරණය වී ඇත.

 

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සීදූව ලිසිය විසින් සිදු කෙරේ.

views

260 Views

Comments

arrow-up