විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කෙරෙන විශේෂ නිවේදනය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කෙරෙන විශේෂ නිවේදනය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කෙරෙන විශේෂ නිවේදනය

වයස අවුරුදු 45 ට අඩු කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ දී තම දරුවන්ගේ රැකවරණ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කර සිටී.

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කාන්තාවන්ට දැනුම් දෙන්නේ, දරුවන්ගේ රැකවරණය පිළිබඳ මූලික අවධානය යොමු කරමින් නිත්‍යානුකූල අයුරින් විදේශගත වන ලෙසටයි.

 

දරුවන්ගේ භාරකාරීත්වය, අධ්‍යාපනය හා රැකවරණ වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු අදාළ වාර්තාව මගින් ඉදිරිපත් කළ යුතු බව කාර්යාංශය පෙන්වා දෙයි.

 

විදෙස්ගතව සිටින කාන්තාවකගේ වයස අවුරුදු එක හමාරක දැරියකට හිංසා කර එහි ඡායාරූපය ඩුබායි හි සේවය කරන එම කාන්තාවට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන් ට රැකියා සදහා විදේශගත වීමට අවසර ලබා නොදෙන බවයි.

views

228 Views

Comments

arrow-up