ඇමති රොෂාන් අනුරාධපුර යොවුන් සේනාංකයට කඩා පනී

ඊයේ (04) දිනයේ දී හදිසියේ ම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අනුරාධපුර යොවුන් සේනාංකය නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය.
යොවුන් පරපුර බලගැන්වීම උදෙසා තාරුණ්‍යයේ වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීම සඳහා රාජ්‍ය සම්පත් උපරිම ඵලදායිතාවකින් යුතු ප්‍රයෝජනයට ගැනීමට දින 7 ම වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන ආයතන විවෘත කර තැබීම සිදුකළ යුතු පසුබිමක එය නිරීක්ෂණය කිරීමට රොෂාන් රණසිංහ මහතා මෙලෙස පැමිණි අතර එම අවස්ථාවේදී අනුරාධපුර යොවුන් සේනාංකය වසා තිබීම දැකිය හැකි විය.
වාර්තාකරු සඳහන් කළේ, යොවුන් සේනාංකයේ ප්‍රධාන ගේට්ටුවේ ද ඉබි යතුරු ලා තිබීම නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ඊට අදාල පාර්ශවයන් හට දුරකථනයෙන් ඇමතීමට පියවර ගත් බවයි.
246 Views
Comments