විදේශීකයෙකුගේ අස්ථානගත වු බෑගය සොයා දුන් ශ්‍රී ලාංකිකයා

සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණ වැලිගම ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි විදේශීය ජාතිකයෙකුගේ මුදල් ඇතුළු වටිනා ලියකියවිලි ඇතුළත් ගමන් බෑගයක් අසුලා ගත් තරුණයකු නැවතත් අදාල සංචාරකයාට එම බෑගය පිරිනැමීමට කටයුතු කර ඇත.
වාර්තාකරු පැවසුවේ, මෙලෙස සිය සිය ගමන් මල්ල අස්ථානගත වී ඇත්තේ ඉතාලි ජාතික ජාතිකයෙකුගේ බවයි. මෙරටට පැමිණි ඉතාලි ජාතිකයෙකු ඇතුළු පිරිසක් වැලිගම ආසන්න මුහුදු තීරයේ විනෝද වෙමින් සිටින අවස්ථාවේ දී ඔහුගේ මුදල් සහිත බෑගය අස්ථානගත වී ඇත.
පසුව එම ප්‍රදේශයේම සංචාර කටයුතුවල නිරත වන නිරෝෂ් අමිල නැමැත්තෙකුට මෙම බෑගය හමුවීමෙන් පසුව දැඩි උත්සාහයකින් අනතුරුව හිමිකරු සොයා ගැනීමට ඔහුට හැකි වී තිබේ.
අස්ථානගත වූ මුදල් සහිත බෑගය ලැබුණු ඉතාලි ජාතික ආටර් බ්‍රෙටිස්ලාව් පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මොහොතක වුවත් මෙවැනි මුදල් සහිත බෑගයක් යළිත් කිසිදු අඩුවකින් තොරව තමන් වෙත ලැබෙන්නට සැලැස්වීම ඉතාමත් වටින ක්‍රියාවක් බවයි.
220 Views
Comments