හිඟ බදු අයකර ගැනීමට මහාභාණ්ඩාගාරයෙන් කණ්ඩායමක් - රංජිත් සියඹලාපිටිය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

හිඟ බදු අයකර ගැනීමට මහාභාණ්ඩාගාරයෙන් කණ්ඩායමක් - රංජිත් සියඹලාපිටිය කියයි

හිඟ බදු අයකර ගැනීමට මහාභාණ්ඩාගාරයෙන්  කණ්ඩායමක් - රංජිත් සියඹලාපිටිය කියයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන හා පුද්ගලයන් මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ එලෙස ගෙවීම පැහැර හැරි පුද්ගලයන්ගෙන් සියයකට ආසන්න පිරිසක් මේ වන විට මියගොස් සිටින බවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ, කෙසේ වෙතත් ඇතැම් පාර්ශව මෙම හිඟ මුදල් ගෙවීමට එකඟ වී සිටින බවයි.

 

හිඟ ආදායම් අයකර ගැනීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මහාභාණ්ඩාගාරයේ ඒ සඳහා වෙනම කණ්ඩායමක්ද පත්කර සිටින බවත් ඔහු අවධාරණය කරයි. සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, දේශීය ආදායම් බදු ආඥා පනත ගැළපෙන පරිදි යාවත්කාලීන කර සංශෝධනය කර හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවයි.

 

මීට අමතරව විශාල වශයෙන් ආදායම් උපයන වෛද්‍යවරුන්, නීතිඥයන්,උපකාරක පන්ති ගුරුවරුන්,දෛවඥයන් ඇතුළු පිරිසක් කාලයක් තිස්සේ බදු ගෙවීම පැහැර හරිමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලට අනුව සඳහන් වේ.

views

245 Views

Comments

arrow-up