මහ කන්නයේ වී මිලදී ගැනීමට බිලියන දහයක් වෙන් කෙරේ

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත රුපියල් බිලියන 10 ක් මුදා හැරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මෙසේ මිලදී ගන්නා වී, සහල් බවට පත් කිරීම සඳහා කුඩා පරිමාණ මෝල් හිමියන්ට ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුව එම සහල් නොමිලේ සළාකයක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 30 කට මාස දෙකක් පුරා ලබා දීමට රජය බලාපොරොත්තු වේ.
මේ වන විට, දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් මහ කන්නයේ තම අස්වනු අලෙවි කරගත නොහැකිව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී.
පෞද්ගලික වෙළෙඳුන් තම අස්වැන්න ඉතා අඩු මිලට මිලදී ගන්නා බවට ගොවීන් චෝදනා නගයි.
264 Views
Comments