FEB
05
පාර්ලිමේන්තුව ඇතුළේ පාරවල් වල අධි වේගයෙන් වාහන ධාවනය බෑ

පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිත භූමියේ අධික වේගයෙන් වාහන ධාවනය සිදු වන බවට තමාට තොරතුරු වාර්තා වී ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටී. දියවන්නා තෙත්බිම් උද්‍යානයේ වෙසෙන පක්ෂීන්ට සිදු වන හිරිහැර සහ අනතුරු වලක්වා ගැනීම සඳහාත්, පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහාත් පාර්ලිමේන්තු පරිශ්‍රය ඇතුළත මාර්ග වල වාහන ධාවනයේදී පැයට කිලෝමීටර 40 ට අඩු වේගයක් පවත්වා ගන්නා ලෙස ඒ මහතා උපදෙස් දී තිබේ.
234 Views
Comments