FEB
05
ටික ටික හරි මුදල් දෙන්න - මැතිවරණ කොමිසම ඉල්ලයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ කටයුතු සඳහා රුපියල් කෝටි 77ක මුදලක් මූලික වියදම් වශයෙන් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බැවින් එම මුදල මේ මාසයේ ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මෙම මුදල එකවර හෝ වාරික වශයෙන් ලබා දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මුදල් අමාත්‍යාංශය මීට පෙර මැතිවරණ කොමිසම වෙත රුපියල් කෝටි 04 ක මුදලක් ලබා දී තිබේ.
231 Views
Comments