මාක් සකර්බර්ග් ගේ ආරක්ෂාව තර කෙරේ

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව සඳහා සමාගම වාර්ෂිකව ඔහු වෙත ගෙවන ආරක්ෂක දීමනාව ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් දක්වා වැඩි කර තිබේ. මෙම දීමනාවට තවත් අති විශාල මුදලක් අමතරව සකර්බර්ග්ට ආරක්‍ෂාව සැපයීම සඳහා සමාගම වැය කරන බවත් සඳහන් ය. සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රධාන සමාගම් බොහොමයක ප්‍රධානීන් වෙනුවෙන් දරන ආරක්‍ෂක වියදම්වලට වඩා මෙය ඉතා විශාල වියදමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙටා ප්ලැට්ෆෝම්ස් ආයතනය විසින් සමාගමේ වියදම් අඩු කිරීමේ සහ ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක කොටසක් ලෙස, සමාගමේ සේවකයන් දහස් ගණනක් සේවයෙන් ඉවත් කළ පසුබිමක සකර්බර්ග්ගේ ආරක්‍ෂාව තවදුරටත් තර කිරීමට තීරණය කර ඇත.
246 Views
Comments