මත්ද්‍රව්‍ය සමග ශ්‍රීපාදය වන්දනා කළ 35ක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

මත්ද්‍රව්‍ය සමග ශ්‍රීපාදය වන්දනා කළ 35ක් දැලේ

මත්ද්‍රව්‍ය සමග ශ්‍රීපාදය වන්දනා කළ 35ක් දැලේ

හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී. ඒ. පී. ආර්. ප්‍රේමලාල් මහතා පවසන්නේ, පසුගිය 17 හා 18 යන දින දෙක තුලදී විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ‍්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි තරුණයන් 35 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත හදිසි මාර්ග බාධක යොදා ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එනු ලබන රථ වාහන නතර කර සිදු කරනු ලබන පරීක්ෂාවල දී හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් තරුණයන් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රේමලාල් මහතා පවසන ලදී.

 

තවද එතුමා පැවසුවේ, අනිකුත් පිරිස් හැටන් කොට්ඨාශයේ තවත් පොලිස් ස්ථාන කීපයකදී අත් අඩංගුවට ගෙන ඇති බවත් ඒ අනුව ගංජා රැගෙන පැමිණි 20 ක්, ගංජා මිශ්‍ර මදන මෝදක රැගෙන පැමිනි 08 ක්, මත්පෙති රැගෙන පැමිණි 04 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි 03 ක් වශයෙන් අත් අඩංගුවට ගෙන ඇති බවත්ය. තවදුරටත් ප්‍රේමලාල් මහතා පැවසුවේ, එමෙන්ම මොවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 50 ක් මදන මෝදක 120 ක්, මත්පෙති 12 ක්, හෑෂ් මිලි ග්‍රෑම් 500 ක්ද අත්අඩංගුව ගත් බවත් මෙසේ අත් අඩංගුවට පත්ව ඇති සියලුම දෙනා අවුරුදු 18ත් 25ත් අතර තරුණයන් වීම විශේෂ සිද්ධියක් බවත්ය.

views

251 Views

Comments

arrow-up