හෙට රැයේ රටම අඳුරේ

හෙට (20) රාත්‍රී 7.00 ට විදුලි බිල වැඩි කිරීමට එරෙහිව සියලු විදුලි පහන් නිවා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර ඊයේත් ප්‍රදේශ කිහිපයකදි වැඩි වූ විදුලි බිල සංශෝධනය කරන්නැයි ඉල්ලමින් විරෝධතා පැවැත්වුණි.
ඊයේ රාත්‍රියේ දී විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් සංවිධානය කළ විරෝධතාවක් පුත්තලම වාන මංසන්ධියේ දී පැවැත්වුණි. මේ අතර ජන අයිතීන් සුරැකීමේ බලවේගය විසින් ඊයේ පස්වරුවේ අනුරාධපුර සතිපොළ අසළ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
270 Views
Comments