දුගී කතුන් රවටා සිරියාවට යවන මිනිස් ජාවාරමක් ගැන හෙළිදරවුවක්

මහනුවර සාමදාන ආයතනය විසින් ඩුබායි හි ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් සිරියාවේ රැකියා සඳහා හොර රහසේ පිටත් කර යවන කූඨ මිනිස් ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි කරගෙන තිබේ. මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම ජාවාරමට හසුවී නැවත මෙරටට පැමිණි කාන්තාවෝ පිරිසක් විසින් එම රටවල දී තමන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් මෙලෙස අනාවරණ කළහ.
ඒ අනුව අනාවරණය වී තිබෙන්නේ, මේ මිනිස් ජාවාරම්කරුවන් දිවයින පුරා දුප්පත් පවුල්වල කාන්තාවන් හා තරුණියන් හට ඩුබායි හි රැකියා ලබාදෙන මුවාවෙන් ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු සියලු ලියකියවිලි වංචනික ලෙස සාදා සිරියාවට යවන බව යි.
එම කාන්තාවන් වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාවේ කතුන් 100 කට ආසන්න පිරිසක් සිරියාවේ දහදුක් විඳිමින් සිටින බවත් වෙනත් රටවල්වල කාන්තාවන්ද දහස් ගණනක් මේ ජාවාරමට හසුව සිරියාවේ රැඳී සිටින බවත් ය. දෛනිකව පැය 22 ක් පමණ තමන්ගෙන් සේවය ලබා ගන්නා අතර මාස කිහිපයක් යනතුරුත් වැටුපක් නොගෙවූ බව එම කාන්තාවන් පවසයි.
227 Views
Comments